‘එක පාරටම කැඩුවා කියලා කෑගැහුවා, මගේ ඇඟ සීතල වෙලා ගියා’ සැමියාගේ දඟ වැඩ ගැන බිරිඳ සුසිලා කියන කතාව

 


කළා ලෝකයේ හැමෝම ආදරේ කරන ධක්ෂ වගේම අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සුසිලා කෝට්ටගේ ගේ කියන්නේ, හැමෝම ඇය හඳුනන්නේ දයාවතී කියන චරිතයෙන්, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරය ගෞරවය දිනාගෙන ඉන්න සුසිලා කෝට්ටගේ මහත්මිය සමග, අපිට කියන්නකෝ බලන්න ඔබගේ ළමා කාලය පිලිබඳ විස්තර ටිකක්, ”මගේ ගම දකුණේ, ගම මාතර. මම ඉපදුන දවසේ මගේ අම්මා අපිව දාලා ගිහින් ඇත්තටම මගේ පුංචි කාලේ සුන්දර නෑ, ඒ නිසා මම ඒ ගැන වචනයක්වත් කතා කරන්න කැමති නෑ, කෙනෙක් විඳින්න ඕන නැති තරමේ දුක් කප්පරක් මම විඳලා තියෙනවා, මගේ ජීවිතේ ලස්සන වුනේ මගේ විවාහයෙන් පස්සේ, මගේ ජීවිතේ පලදුන්න ලොකුම පින තමයි ඒ,”

සුසිලා කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ? මම පාසලේ දඟ ළමයෙක් වුනාට මම කළා කටයුතු වලට සම්බන්ද වුනා, ඒ කාලේ මම ගොඩක්ම කෙට්ටුයි කොන්ඩෙත් ගොඩක් දිගයි, ඉතින් පාසල් කාලේ මම මන්ත්‍රී දේවිටත් රඟපාලා තියෙනවා, මම ස්‌කුල් නෙට්බෝල් ටීම් එකෙත් හිටියා, පාසලේ නාට්‍යක රඟපාලා තමයි මම පලවෙනි වතාවට තෑග්ගක් ගත්තේ, ඒ පිස්සියෙක්ගේ චරිතයක් රඟපාලා, එතනින් අරඹපු ගමන තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ,

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුසිලා විවාහ වෙන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයට පන පොවන්න රහල් බුලත්සිංහල මහතා සමග, ඉතින් රහල් මහතා පිලිබඳ අපූරු කතාවක් සුසිලා මහත්මිය ටික කාලයකට කලින් හිත ඉල්ලන තරු වැඩසටහනේදී කිව්වා ඒ තමයි ”මෙහෙමයි අපි පොඩි ළමයෙක් එක්කගෙන ගියොත් එයාට කියලා යනවනේ දඟකරන්න එපා පුතා කියලා ඒ වගේ තමයි මෙයා එක්කගෙන යද්දිත් අන්දරේ එක්කගෙන යනවා වගේ, මම කියනවා ඒ ළමයි ඉන්නවා කියලා පරිස්සමින් කියලා, මෙහෙම කියලා එක්කගෙන ගියාම ඒ ළමයි ඇවිත් මෙයත් එක්ක කතා කරනවා එයාලගේ සෙල්ලම් බඩු පෙන්නනවා, අපි කුස්සියේ කතා කර කර ඉද්දි එකපාටම ඇහෙනවා ලතෝනි දෙනවා කැඩුවා මගේ සෙල්ලම් බඩුව කැඩුවා කියලා, එහෙම එකපාරම කෑගහද්දී මගේ ඇඟ සීතල වෙනවා, මොකද ඒවා රට ඉඳන් ගෙනාපු ඒවා කොහෙන් අරන් දෙන්නද දෙයියනේ

මෙයා ඒවගේ රෝද ගලවා, එක එක ඒවා ටෙස් කරලා, කොච්චර කිවුවත් වැඩක් නෑ මෙයා දාලා යන්නත් බෑ එයාලා කියන්නේ එද්දී දෙන්නටම එන්න කියලා, ඉතින් එහෙම කතා කරාම මෙයා තියලා යන්නත් බෑ නේ ඉතින් මම කරන්නේ ඒ ගෙවල් වල අයට කියනවා එන්නම් හැබැයි සෙල්ලම් බඩුටික හංගලා තියන්න කියලා, නැතුව මෙයා ඒවා කැඩුවම මම කොහොමද අරන් දෙන්නේ” කියලා,

Post a Comment

0 Comments