පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැයි 9 වෙයිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්.

ඉකුත් 9 වැනිදා ගාලු මුවදොර පැවති සාමකාමී පුරවැසි අරගලයට කඩා වැදී පොහොට්ටුවේ මැරයන් පිරිසක් විසින් සිදු කළ මෙලෙච්ඡ පහරදීමට අදාලවයි සනත් නිශාන්ත මන්ත්‍රීවරයා  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සනත් නිශාන්තට අමතරව මේ සිද්ධිය පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට, හරීන් ප්‍රනාන්දු හා පවිත්‍රා වන්නිආරච්චිට ද චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැයි 9 වෙනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බව වර්තා වේ.

Post a Comment

0 Comments