ඩීසල් හිඟයට ඩීසල් සමඟ ජලය


 ගෙලිඔය ඉන්ධනහලට අද දිනයේදී පැමිණි ඩිසල් රැගත් තෙල් සැපයුම් බවුසරයේ ජලය තිබී එය දැනගත් ජනතාව විරෝධතාවයක නිරත වී ඇත.

එම විරෝධතාවය පේරාදෙණිය පොලීසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කර ගෙන ඇත බවට වාර්තා වේ.

අද දිනයේදි ගෙලිඔය ඉන්ධන හලට පැමිණි තෙල් බවුසරයේ ඉන්ධන පරික්ෂා කිරිමේදි එහි ජලය ඇති බවට දැනගත් පසු ඉන්ධන ලබාගැනිමට පැමිණි පිරිස විසින් එම තෙල් ලබා ගැනිමට අකමැත්ත ප්‍රකාශ කිරිමෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය.

විරෝධතාවය දැක්වුවන් එම තෙල් බවුසරය නැවත යා නොදි රදවා ගත් අතර එහිදි පේරාදෙනිය පොලිසිය මැදිහත් වි එම තත්ත්වය සමතයකට පත් කල බවද පොලිසිය පවසා තිබේ.

නැවත එම ඉන්ධන තොගය පැණිදෙණිය ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ මධ්‍යම ප්‍රාදේශිය කාර්යාලය වෙත යැවු බවට පේරාදෙණිය පොලිසිය පවසා තිබුණි.

මේ සම්බන්ධව ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ මධ්‍යම ප්‍රාදේශිය කාර්යාලයේ ගබඩා අධිකාරි අතුල හේරත් මහතා පවසා සිටියේ මෙසේ තෙල් බවුසර් වල මෙවන් තත්වයක් ඇතිවන බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත්ය.

එම ඉන්ධන බවුසරයේ මුල් කොටසේ ජලය සුළු ප්‍රමාණයක් තිබු අතර,  එය  සාමාන්‍යයෙන් ඉන්ධන හල් වලින් ඉවත් කර ඉතිරි ඉන්ධන පාවිච්චියට ගත හැකි බවද ඔහු පැවැසීය.

ඉන්ධන හලේ එම ඉන්ධන වර්ගය ලබා ගැනිමට කැමත්ත ප්‍රකාශ කළත් ජනතාව දැක්වු විරෝධය මත නැවත එම ඉන්ධන තොගය පැණිදෙණිය ශාඛාව වෙත් ගෙන්වා පරික්ෂාකිරිමේදි එහි ජලය සුළු ප්‍රමාණයක් රැදි තිබි බවත් එය සාමාන්‍ය දෙයක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Post a Comment

0 Comments