මන්ත්‍රී පුතු සහ ලේලිය රිමාන්ඩ්

 


පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතු සහ ඔහුගේ ලේලිය හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔවුන් දෙදෙනා ඊයේ (06) පොලීසියට භාරවූ අතර අනතුරුව අත්අඩංගුවට ගැනුණි.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් තමන් ශීතකරණයක් ජීප් රථය උපයෝගී කරගනිමින් අධිවේගී මාර්ගය හරහා කොළඹට ගෙනඒමට යාමේදී මෙම තත්ත්වය ඇතිවූ බව රවිඳු වෙදආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර තිබුණි.

Post a Comment

0 Comments