විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ විදේශ රැකියා සම්බන්ධව මේ දිනවල බොහෝ පිරිසක් උනන්දුවක් දක්වන අතර ඒ හේතුවෙන් ඔවුන් ජාවාරම්කරුවන්ට හසුවූ අවස්ථා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටින්නේ විශේෂයෙන් රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබාගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හා එම ආයතන වෙත ලැබී ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතනවල නීත්‍යානුකුලභාවය ගැන සැළකිලිමත් වන ලෙසයි.
විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ 1989 අංකයෙන් පැය 24 පුරාවට ලබාගැනීමට හැකියාව ඇත.


0 Comments