චීන ජනාධිපති ෂී ජින්පින්ග් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත උපන්දින සුබපැතුම් ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකාවට සහය ලබාදීමට චීනය සැමවිටම සූදානම් බවට සහතික වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 72වැනි උපන් දිනය යෙදී ඇත්තේ ජූනි 20වැනිදාටය. “ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය සහයෝගය” තුලින් දෙරටට ඉදිරියට ගමන් කළ හැකි බව චීන ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
2022 වසරට චීන සහ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරෙන අතර, එම වසර 65ක් පුරා දෙරට එකිනෙකා සමඟ අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන බව ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දී තිබේ. “අපගේ සබඳතා වර්ධනයට මම විශාල වැදගත්කමක් ලබා දෙන අතර එය නව තලයකට ඔසවා තැබීමට දිගටම කටයුතු කරමි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


0 Comments