පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යන සිද්ධීන්ට අදාළව තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වන විට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේ.
සිද්ධියට අදාළ සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර සැකකරු, සැකකාරිය හා ඔවුන්ගේ sgPG-4507 දරණ කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලාසිටි.
ශීතකරණයක් ජීප් රථය උපයෝගී කරගනිමින් අධිවේගී මාර්ගය හරහා කොළඹ ගෙන ඒමට යාමේදී මෙම තත්ත්වය ඇතිවී ඇති අතර එහිදී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු ගමන් කිරීමට අවසර නොදීමත් සමග සැකකරු හා සැකකාරිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වදිමින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරියට බාධා කර තිබෙනවා.
0 Comments