ශ්‍රී ලංකාවට ඉදිරි කාලය පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දෙන්නැයි බංගලාදේශයෙන් ඉල්ලා තිබේ.

වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ කොළඹ සිටින බංගලාදේශ මහකොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදු කර ඇත.

මෙරට කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර මිත්‍ර රාජ්‍යයක් ලෙස කළ හැකි උපරිම සහාය ලබාදෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය දී එම සාකච්ඡාව පැවැත්වී තිබේ.