විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිය සමිති කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමිව මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු (09) දින අලුයම 3 සිට තාවකාලිකව නතර කර ඇත.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් (09) දින අලුයම 3 සිට අලුයම 6 වන විට කැනියොන් , විමසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , සමනල , ඉහල කොත්මලේ සහ කොත්මලේ යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව නතර කර (SHOUT DOWN) සේවයේ නිරතව සිටි විදුලි ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වි ඇති බවද එම සේවකයින් පැවසිය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව විදුලි වෘත්තිය සමිති විසින් පවත්වන ලද වැඩවර්ජනය තාවකාලිකව අවසන් කර ඇත.
මේ වන විටත් විදුලිය විසන්ධි වී ඇති ප්‍රදේශ වලට ක්‍රමානුකූලව නැවත විදුලි සැපයුම ලබා දෙමින් සිටී.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ මේ වන විට සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කරමින් සිටින බවයි. නමුත් ඇතැම් ජල විදුලි බලාගාර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් වදුරටත් ක්‍රියාත්මක නොවන බවද කොමිසම පවසයි.
0 Comments