පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නැතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස පලමු සමතියේ සිටි මෙම ක‍්‍රමය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

පැය 24 විදුලිය සැපයුමක් ලබා දී ස්ථාවර ඉන්ධන සැපයුමකට රට ගෙන එන තෙක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කළයුතුව ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ අදාල කෝටා ක‍්‍රමය බලශක්ති අමාත්‍යංශය විසින් දැනටමත් සැලසුම් කරමින් ඇති බවයි.