ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු ආචාර්ය එස්.ජයිශංකර් විසින් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව හෙට ( 18 ) දැනුවත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසේ. විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේ පැවැත්වෙන මෙම රැස්වීමට ඇමතිවරයාට අමතරව, ඉන්දීය විදේශ ලේකම් සහ අනෙකුත් අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වනු ඇත.
මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ රටේ අසල්වැසි ප්‍රතිපත්තිය මෙන්ම නවදිල්ලියෙන් කොළඹට ලබා දී ඇති ආධාර කුමන ආකාරයේ ආධාර ලබා දී ඇත්ද යන්න පිළිබඳවද ඉන්දීය රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
මේ වන විට ඉන්දීය මධ්‍යම රජයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින්ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙමින් සිටී. මෙම සියලුම පරිත්‍යාගයන් මෙන්ම ඉදිරියේදී ලබාදීමට නියමිත ආධාර තොග පිළිබඳවද දැනුවත් කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.

0 Comments