පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම්කළ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට අමාත්‍යධුරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන නම්කරනු ලැබීය.
ඒ අනුව ලබන 27 වන දින වජිර අබේවර්ධන මහතා සිය මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය සාගල රත්නායක ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත.
මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඉදිරි සති 02 තුළ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


0 Comments