වැඩබලන ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ම ඡන්දයට කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.
කෙස් නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වුවද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


0 Comments