අරගලකරුවන් කියන්නේ ජවිපෙ සංවිධානයි..- අනුර

 


ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි සිටි බව ඔහු පවසයි.

දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය ජනතාවගේ කැමැත්තත් අතර විශාල පරස්පරයක් පවතින බවද කී ඔහු ඒ නිසා වඩා වැදගත් වන්නේ ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවීම බවද සඳහන් කළේය.

එම අවස්ථාව ලබාදෙන තෙක් අන්තර්කාලීන පාලනයක් අවශ්‍ය බවත් එම කාලය සඳහා රට භාර ගැනීමට තම පක්‍ෂය සූදානම් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments