අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ප්‍රහාරයට ලක්වූවන් අතර විදෙස් මාධ්‍යවේදීන් ද පවා සිටින බවයි.
"අද අළුයම පොලීසිය සහ ආරක්ෂක හමුදාව විසින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ රාත්‍රී නින්දේ සිටි නිරායුධව කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ නියැලී සිටි අරගලකරුවන් වෙත මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තරුණ පිරිස් තුවාල ලබා ඇති අතර, තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. ජනාධිපති කාර්යාලය අභියසින් අද සවස වන විට ඉවත් වන බව අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී එල්ල කරන ලද මෙම සහාසික ප්‍රහාරයට ද, මෙම අමානුෂික ප්‍රහාරය හේතුකොට ගෙන අනාගතයේදී අනර්තකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සියල්ලට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව අපි ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී ප්‍රහාරයට ලක්වූ පිරිස අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් සිටින බවත් වාර්තා වනවා. මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුකර ඇති මෙම ප්‍රචණ්ඩත්වය අපි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව අවධාරණය කරනවා."
මේ අතර මෙම ප්‍රහාරය පිළිබද ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදුකර මේ සදහා මුල්වූ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරන ලෙසයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.


0 Comments