නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවද ඔහු අරගලයේ අභිලාෂයන් සමග සම්මුතිගත විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා සඳහන් කරන්නේ රාජපක්‍ෂ පාලනයට තිබූ ජන වරම අහෝසි වී ඇති බවත් දැන් රට තුළ පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය වී තිබෙන බවත්ය.
එනිසා එම මහජන බලය නොකනා කිසිවකුට දේශපාලන තීන්දු ගත නොහැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කල කිසිවෙකු ජනාධිපතිකමට සුදුසු නැති බවත් ඔහු අවධාරණය කරයි.
මෙරට වාමාංශිකයන් බහුතරයක් මෙන්ම තමන්ද පවතින ව්‍යවස්ථාව පිළිනොගන්නා බවත් එනිසා සැමට පිළිගත හැකි ව්‍යවස්ථාවක් ඉක්මනින්ම සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා පිළිගන්නේ සන්නද්ද අරගලයදැයි දැයි කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු කියා සිටියේ තමන් පිළිගන්නෙ අරගලය බවයි.
අරගලය මෙහෙයවන්න පෙරටුගාමීන් හිටි බව තමන් පිළිගන්නා බවත් පවසන ඔහු අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම කුමන්ත්‍රණයක් බවත් ඊට අරගලකරුවන් සම්බන්ධ නැති බවත් කියා සිටී.
ජනාධිපති ඉවත් වන බව පවසා ඇතත් ඒ ගැන විශ්වාස නැතැයිද පවසන ඔහු ඉවත් නොවුනොත් ජනතාව මීට වඩා ප‍්‍රතිචාර දක්වනු ඇතැයිද පවසයි.


0 Comments