එල් පී එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 03 වන අධියරේ ක්‍රීඩක ලැයිස්තු ගත කිරීම හෙට සිදුකෙරෙනවා.
විදේශීය ක්‍රීඩකයන් 180 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 173 දෙනෙකු ඊට ඇතුළත්.
මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 14 දෙනෙකු ලාංකික ක්‍රීඩකයන් වන අතර අනෙක් 06 දෙනා විදේශීය ක්‍රීඩකයන් විය යුතුයි.
ලාංකික 04 ක් සහ විදේශික 02 ක් ලෙස අතිරේක ක්‍රීඩකයන් තබා ගත හැකි වනවා.
මෙවර එල් පී එල් තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වනවා.


0 Comments