පිළියන්දල ප්‍රදේශයේ අද (04) අලුයම පැය හතරක කාලයක් පුරා සිදුකළ මෙහෙයුමේදී සැකපිට පුද්ගලයන් දොළොස් දෙනෙකු ඇතුළු 32දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම පිරිස අතර විවෘත වරෙන්තු ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ද වන බව පොලීසිය සඳහන් කරයි.
අනෙකුත් සැකකරුවන් අතර හොරෙයින් මත්කුඩු ,අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා සමග පුද්ගලයන් 17 දෙනෙකු ද, සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 12 දෙනෙකු ද එකී සැකකරුවන් පිරිස අතර වන බව පොලිසිය පැවසීය.
අලුයම 1 සිට අළුයම 5 දක්වා පැය හතරක කාලයක් පුරා මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් ඒ සඳහා පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් 5 ක් සහභාගි වී ඇත.
0 Comments