ගාළු මුවදොර අරගලයට අරමුණු තිබුණ ද නිවැරැදි ඉලක්කයක් තිබුනේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

දැන් එය නිවැරදිව ඉලක්කය සොයන බව ද හෙතෙම පවසයි.

ඒ මහතා මේ බව පවසන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ගාළු මුවදොර අරගලය එම ස්ථානයෙන් ඉවත් කරන බව අරගලකරුවන් විසින් ඊයේ දිනයේ නිවේදනය කරන ලදී.