ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
බලශක්ති අමාත්‍යවරයාගේ උදෙස් පරිදි ඊයේ (12) දිනට අදාළව එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවට සඳහන් වෙයි.
ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකි වන පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කළ බව සඳහන් වුණි.
ඒ අනුව, ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබාදීමට හැකි වෙයි.
පසුගිය අප්‍රේල් මස (25) වෙනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාළ පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබුණි.
ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතය.

.jpg)
0 Comments