ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුව මේ වන විට ඇමති ධුර බෙදා ගැනීමේ තරගකාරී තත්ත්වයක් බවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
රට ගොඩ ගන්නා යෝජනා පිළිබඳ සාකච්ඡා කරනු වෙනුවට අද සිදුවන්නේ ඇමති ධූර බෙදාගැනීම සම්බන්ධයෙන් කේවල් කිරීම් බවද හෙතෙම පවසයි.
අද කළ යුතුව ඇත්තේ රට බේරා ගන්නෙ කෙසේද යන සාකච්ඡාවට සිදු කිරීම මිස තනතුරු බෙදා ගැනීමේ සාකච්ඡාවක් සිදු කිරීමට නොවන බව ද හෙතෙම සඳහන් කලේය.
තාමත් දේශපාලනය තුළ ඇත්තේ බල අරගලයක් මිස සාමූහිකව රට ගොඩ ගැනීමට දරන උත්සාහයක් නොවන බවත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ මහතා කියා සිටියේය.
මේ වන තෙක් සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනය සහ යථාර්ථය මැද දෝලනය වෙමින් ඇති බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් මහපොළොවේ තවමත් පැල වී නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පක්ෂ 10 නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


0 Comments