රූපවාහිනියට පැන අණ දුන් අනෙක් අරගලකරුත් අල්ලයි…

 


රූපවාහිනිය බලහත්කාරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බලපෑම් කරන ලද අරගල කරුවකු ලෙස කටයුතු කරන ලද දෙවන තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චමින්ද කැලුම්ප‍්‍රිය අමරසිංහ නම් හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අද ඊයේ කුරුඳුවත්ත පොලිසියට භාරවීමට පැමිණීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමඟ ජාතික රූපවාහිනිය ඇතුළු වූ අනෙක් සැකකරු වන දනිස් අලි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

Post a Comment

0 Comments