ඉන්ධනහල් රැසක් තවකාලිකව වැසේ..
August 26, 2022
ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ.
ඒ අනුව දින 2ක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසල රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත.
මෙලෙස නැවත ඉන්ධන පෝලිම් ඇතිවිමට හේතුව ඉන්ධන පිරවුම්හල් වෙත ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අඩු විම බව ඛණිජ තෙල්බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඊට අමතරව දිවයිනට පැමිණි සුපර් ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතුද සිදුකෙරෙමින් පවතින බවය.
0 Comments