ජනතාවගේ සිතේ ඇති අරගලයට තමන් ආශිර්වාද කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලය අකුලාගෙන ගියත් ජනතාවගේ හිතේ ඇති අරගලයක් අකුලාගෙන ගොස් නැතැයි ද හෙතෙම කියා සිටියි.

කිසිවෙකු එසේ සිතා සිටින්නේ නම් ඉදිරියේදී ප්‍රතිඵල බලා ගත හැකි යැයි ද හෙතෙම සඳහන් කළේ ය.

සමගි ජන බලවේග පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.