ෆොන්සේකාගේ කතාව ගැන ආරක්ෂක අංශ අවධානයෙන්..
August 04, 2022
මහජනතාව ලබන නව වනදා කොළඹට පැමිණ අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට ඊයේ (03) දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ ඊයේ (03) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි මන්ත්‍රිවරු විමසා තිබේ.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා සිදු කර ඇත්තේ බරපතළ ප්‍රකාශයක් හෙයින් ඉන් මහජන කැලඹීමක් ඇති කරන බවද මන්ත්‍රිවරු පෙන්වා දී ඇත. මැයි නව වනදා ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද නිවාස හා දේපොළ හානි සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මන්ත්‍රිවරුන්ගේ නිවාස හා දේපොළවලට සිදු කළ හානි සම්බන්ධයෙන් පිරිස් අත්අඩංගුවට ගෙන නොමැති නම් එම තොරතුරු ලබා දෙන ලෙසද මහජන ආරක්ෂක ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.
0 Comments