පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි සටන් සති අන්තයේ..




මෙවර ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය හෙට (27 වැනිදා) සිට ආරම්භ වේ.

තරගාවලිය අරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයේදී ඉසිපතන සහ ධර්මරාජ විදුහල් කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

එදිනම පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී, මහනුවර විද්‍යාර්ත විදුහල් කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමගින් හැව්ලොක්ස් පිටියේදී තරග වදිනු ඇත.තරගාවලියේ අවසන් පූර්ව තරග සැප්තැම්බර් 2 සහ 4 වැනිදා පැවැත්වීමට යෙදී ඇති අතර මෙවර ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා හැව්ලෝක්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments