ඩෙංගු රෝගය රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමග රටේ සක්‍රීය ජනගහනය රෝගයට ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටින බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
මේ අනුව අවුරුදු 20 – 45 අතර වයසේ පසුවන පිරිසෙන් සියයට 55ක් දෙනා මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයිද අධ්‍යක්ෂවයා පැවසීය.
මේ වසර තුළදී වර්තා වී ඇති ඩෙංගු රෝගීන් 476677ක් දෙනා ගෙන් සියයට 25ක් දෙනා වයස අවුරුදු 5 – 19 අතර පාසල් යන වයසේ පසුවන්නන් බවද වාර්තා වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
අගෝස්තු මාසයේ ගත වූ දින තුනක කාලය තුළ ඩෙංගු රෝගීන් 806ක් දෙනා හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස ළමුන් සහ තරුණ පිරිසය.
කෙසේ නමුත් මේ වන විට රටපුරා ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් ඩෙංගු අවදානම් කොට්ඨාස 67ක් හඳුනාගෙන ඇත. දැනට පවතින වර්ෂා සහිත කාලයත් සමග මෙම අවදානම් කලාප තවත් වැඩිවිය හැකි බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන් ලෙස පාසල් පරිසරයන්, ගොඩනැගිලි ඉදිකරන ස්ථාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි පරිශ්‍රයන් වහාම පිරිසුදු කර නොගතහොත් තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි බව වෛද්‍ය සමරවීර අවධාරණය කරයි.
0 Comments