ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණි.

වොල්ඩ්‍රෝෆ් නමැති නගරයේ බළලුන් සඳහා මෙම විශේෂ ලොක්ඩවුන් කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මාස 3 ක කාලය පුරා බළලුන් නිවෙස් තුළ රඳවා ගන්නා ලෙසත්, බළලුන් පිටතට යන්නේ නම්, උන් පටියකන් ගැට ගසා මීටර් දෙකක දුරක් පවත්වා ගනිමින් පමණක් උන් රැගෙන යන ලෙසත් නගර වැසියන්ට උපදෙස් ලැබී තිබුණි.

යම් හෙයකින් බළලකු නිවසින් පැන ගොස් නිදැල්ලේ හැසිරෙන්නේ නම්, වහා ඒ බව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නගර බලධාරීන් කටයුතු කර තිබුණි.

එසේ පැනගිය බළලුන් අල්ලා ආපසු ගෙනත් දීමට විශේෂ කණ්ඩායමක් සීරුවෙන් සිටි අතර, පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ද ඊට අයත් වූහ.

බළලුන් ලොක්ඩවුන් නීති කඩ කළහොත්, හිමිකරුට පවුම් 42,000 ක දඩයක් නියම කර තිබුණි.

වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු කුඩා කුරුල්ලකු ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බළලුන් මෙසේ මාස 3 කට ලොක්ඩවුන් කෙරුණි.

ක්‍රස්ටඩ් ලාක් නමැති මෙම කුරුල්ලා වොල්ඩ්‍රෝෆ් නගරය අයත් පළාතට පමණක් ආවේණික පක්ෂියෙකි.

කුරුලු විද්‍යාඥයන් කළ සංගනනයකට අනුව, ඔවුන් පවසා ඇත්තේ පළාතේ වාසය කරන්නේ ‘කස්ටඩ් ලාක්’ කුරුලු ජෝඩු 3 ක් පමණක් බවය.



ක්‍රස්ටඩ් ලාක් කුරුල්ලන්ගේ සතුරා වන්නේ බළලුන්ය. ක්‍රස්ටඩ් ලාක් ගහණය අඩු වී ඇත්තේ ද ඔවුන් පහසුවෙන් බළලුන්ගේ ගොදුරු බවට පත් වී ඇති බැවිනි.