මත්පැන් පිළිබඳව ගැටලුකාරී තත්වයක්..




නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තහවුරු කෙරෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ටිකරය හිඟ වීමෙන් මත්පැන් අලෙවිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

මෙම ස්ටිකර් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අතර, එහි හිඟයක් මතු ව ඇත්තේ, පවතින විනිමය අර්බුදය හේතුවෙනි.

නිෂ්පාදනයේ සංයුතිය, අදාළ සමාගම බදු ගෙවීම පිළිබඳ මෙන්ම නිෂ්පාදන ප්‍රමාණය ද මෙම ස්ටිකරයෙහි සදහන් වෙයි.

කෙසේ වෙතත් මේ වනවිට එම ස්ටිකර් යළි ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

Post a Comment

0 Comments