ඉන්දීය ඔත්තු බලන ගුවන් යානයක් ලංකාවට..
August 10, 2022
හම්බන්තොට වරායට අගෝස්තු 11 වනදා ඇතුළු වීමට නියමිත චීන යුවාන් වෑන් 5 (Yung Wang 5) නෞකාවට සිය ගමන දින කිහිපයකින් කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කර ඇති පසුබිමක මෙරට සන්නද්ධ හමුදාවන් හි භාවිතය සඳහා ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානාවක් ඉන්දියාවෙන් ලබා ගැනීමට මෙරට ආරක්ෂක අංශ සාකච්ඡා පවත්වා තිබෙන බව වාර්තා වේ.
මෙම ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානාව ලබා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන අතර මේ මස මැද වන විට එය මෙරට ට ලබා දීමට හැකි වනු ඇති බවට ඉන්දීය බලධාරීන් විශ්වාසය පළ කරයි.
සම්පූර්ණයෙන්ම ඉන්දීය තාක්ෂණය භාවිත කරමින් එරට දී නිෂ්පාදනය කරන ඩෝනියර්-228 නැමැති මෙම ඔත්තු බැලීමේ ගුවන් යානාව ඉන්දියානු නාවික හමුදාව විසින් ඉලෙක්ට්‍රොනික යුධ මෙහෙයුම්, සමුද්‍ර නිරීක්ෂණ, ආපදා සහන සහ වෙනත් කටයුතු සඳහා බහුලව භාවිතා කරන්නකි.
0 Comments