පාදුක්ක ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක සමූහ අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියකට අදාළව සැකකරුවන් පස්දෙනකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය තුන්වැනිදා (3 වැනිදා) අපයෝජනයට ලක්වූ මෙම දැරිය තම මව සමග පැමිණ ඊයේ (7 වැනිදා) පාදුක්ක පොලිසිය වෙත අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

පොලිසිය සඳහන් කළේ දැරියගේ ප්‍රකාශය අනුව සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තරුණයන් පස්දෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවයි.

සැකකරුවෝ වයස අවුරුදු 19,20,22 සහ 27 යන වයස්වල පසුවන තරුණයෝ වෙති.

අපයෝජනයට ලක්වූ බව පැවැසෙන දැරිය දාහතර වියේ පසුවෙයි. දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයකු අතින් ඇය අපයෝජනයට ලක් වී ඇති බවට කී පසුව එම තරුණයාගේ මිතුරන් කිහිපදෙනකු ද දැරිය අපයෝජනයට ලක්කර ඇතිබවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට නියමිතය.