රුපියල් 70ක් ලෙස මිල සදහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල රුපියල් 170 කර එය අලෙවි කළ වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද (06) පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ වෙළෙන්දෙකි.
මෙම වෙළෙන්දා විසින් සබන් දවටනයෙහි සදහන් අලෙවි මිල මකා දමා , පුවරුවක සබන් අලෙවි මිල රුපියල් 170 ක් වශයෙන් සදහන් කරමින් මෙලෙස සබන් අලෙවි කිරීම සිදු කළ බව අනාවරණය වී ඇත.


0 Comments