යාපනය පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අද (14) පෙරවරුවේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අත් බෝම්බ 111ක් සොයාගෙන තිබේ

මෙම සෝදිසි කිරීම සිදු කර ඇත්තේ මනිපායි – නවාලි, අත්තගිරි ප්‍රදේශයේ ඉඩමකයි.

සී සාමින් සිටි තැනැත්තෙකුට හඳුනාගත නොහැකි ලෙසින් වළ දමා තිබූ ද්‍රව්‍යයක් නිරීක්ෂණය වී ඇති අතර, ඔහු විසින් සිදු කරන ලද දැනුම්දීමකට අනුවයි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

ඒ අනුව මනිපායි පොලිසිය සමග ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විසින් අද උදෑසන අධිකරණ අවසරය මත මෙම අත් බෝම්බ ගොඩගැනීම සිදු කළා.

ගොඩගත් අත් බෝම්බ තොගය නිෂ්ක්‍රීය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂ කාර්‍ය බලකාය රැගෙන ගොස් තිබෙනවා.

මෙම අත්බෝම්බ එල්.ටී.ටී.ඊ. යුද සමයේ වළ දැමූ ඒවා බවයි පොලිසිය පැවසුවේ.