ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමන තීරණය කරන තරග දෙකක් හෙට...

 



පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තීරණාත්මක තරග දෙකක් හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගය සහ ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයයි.

එම තරග ඇඩිලේඩ් හිදි පැවැත්වීමට නියමිතව ඇත.

නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයෙන් නවසීලන්තය ජයගතහොත් ඔවුන් නිසැක වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

ඊට හේතුව නවසීලන්තය මේ වන විට දළ ලකුණු ලබාගැනීමේ වේගය +2.233 ක් ලෙස තබා ගැනීම හේතුවෙනි.

ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න තීරණය වනුයේ ශ්‍රී ලංකා එංගලන්ත තරගයේ ප්‍රතිඵල අනුවයි.

ඊට හේතුව යම් හෙයකින් එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ දළ ලකුණු ලබාගැනීමේ වේගය සහ ඔස්ට්‍රේලියාවේ දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය හෙට පැවැත්වීමට නියමිත තරගයෙන් පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.

ඒ, ලබන සෙනසුරදා එංගලන්තය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් පමණීයි.

Post a Comment

0 Comments