විදුලි උත්පාදනයට වැඩි දායකත්වයක් ගල් අඟුරුවලින්...

 



2022 ජනවාරි සිට අගෝස්තු දක්වා මෙරට විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ගල් අඟුරු යොදාගෙන ඇති බව මහ බැංකුව පවසයි.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 35 ක් බව සඳහන්. ජල විදුලිය සියයට 29 ක් සහ ද්‍රව ඉන්ධන මගින් සියයට 20 ක් විදුලිය නිපදවා ඇති අතර, සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය ප්‍රභව මගින් සියයට 17 ක් විදුලිය නිපදවා ඇති බවයි එම වාර්තාවේ පෙන්වා දෙන්නේ.

මේ අතර එම කාලය තුළ දේශීය බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තාවෙන් දැක්වෙන්නේ.

Post a Comment

0 Comments