ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනයට අදට (26) වසර 18ක් සපිරේ.
2004 දෙසැම්බර් 26 වැනි දින මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයෙන් ඇති වූ උදම් රළ මෙරට ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි විය.
ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය.
සුනාමි රළ පහර ශ්‍රී ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි විය.
මේ අතර දෙසැම්බර් 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීමට දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්වආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
එමෙන්ම අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ජනාතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යා යුතුව ඇත.

0 Comments