ගෝඨාභය එලවා දැමු අපට රනිල් කොචොක් කරනවා..

 


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් එළවා දැමූ ජනතාවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෝචොක් කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

අද විපක්ෂයේ කාර්යභාරය ඉටු නොකරන බවත් එම කාර්යභාරය ද ඉටු කිරීමට ජනතාවට සිදු වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පරාජය කරවීම සඳහා විපක්ෂය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Post a Comment

0 Comments