රත්නපුර, හිඳැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති 2019-2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට එක් වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන අධ්‍යාපනය ක්‍රමය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
මේ රට ගොඩ ගන්න නම් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යූ ටර්න් එකකින් ම වහා වෙනස් කර අනාගතය භාර ගන්න බලා සිටින සිසු දරු වන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවයි ඔහු සඳහන් කලේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා…
“මේ රට ගොඩ ගන්න නම් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යූ ටර්න් එකකින් ම වහා වෙනස් කර අනාගතය භාර ගන්න බලා සිටින සිසු දරු වන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. සාමාන්‍ය පෙළට A 8ක් අරන්, උසස් පෙළට A තුනක් අරන් විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් අරන් කරන්න රස්සාවක් නොලැබුණා ම රස්සාවල් ඉල්ලා ලිප්ටන් වටරවුමට යන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අප අවසන් කළ යුතුයි. මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගඟට කැපූ ඉනි වගේ,”
පවතින සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් මමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට ම ආවත් මට රට වෙනුවෙන් එක ඩොලර් එකක්, පවුමක්, යුරෝ එකක් හොයා දෙන්න බැරි වුණු එක ගැන විශාල දුකක් දැනෙනවා. අද මම දරුවන් වෙනුවෙන් සිදුකරන්නේ සාම්ප්‍රදායක කතාවක් නෙවෙයි. අවස්ථාවට උචිත කතාවක්.
මම බදුල්ල ලුණුගල විද්‍යාලයේත් පසුව බදුල්ල මහා විද්‍යාලයේත් ඉගෙන ගන්න කාලෙත් මෙම සීවලි මධ්‍ය විදුහල රටට දැයට විශාල උගතුන් බුද්ධිමතුන් අතිදක්ෂ ක්‍රීඩකයින් රටට දායාද කළ පාසලක්. අද ඊට ත් වඩා රට ලෝකය ජය ගත් පාසලක්. ඒ ගෞරවය මේ පාසලට තිබෙනවා.
සමස්ත රටේ ම වත්මන් විදුහල්පතිවරුන්ට ගුරු මඩුල්ලට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා. ඒ වත්මන් දරු පරපුරට සාම්ප්‍රදායක අධ්‍යාපනය ක්‍රමයෙන් බැහැරව අධ්‍යාපනය ලබා දෙන ගමන් ඔවුන්ගේ විවිධ වූ හැකියාවන් දක්ෂතාවන් එළියට ගන්න ඒ වෙනුවෙන් දවසකට විනාඩි පහක් හෝ හයක් වෙන්කර දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න කටයුතු කළ යුතුයි. නැත්නම් අපට ගොඩ ඒමක් නෑ.
නව නිර්මාණ. නව සොයාගැනීම් සදහා දරුවන් පොළඹවන්න, පිටරටවල ඇති ඔන්ලයින් රැකියාවන්ට යොමු කරන්න පරිඝණක ක්ෂේත්‍රයේ නව තාක්ෂණික යෙදවුම් සදහා දරුවන් පොළඹවන්න මේ මගින් අලුතෙන් හිතන පිරිසක් බවට දරුවන් ක්‍රමානුකූලව පත් කරන්න කටයුතු කළ යුතුයි.
ඒ තුළින් මේ රට ඉදිරියේදී ලොකයේ දියුණු රටක් බවට පත් කළ හැකියි. පේටන්ට් බලපත්‍ර ගත් දරුවෝ රටේ ඉන්නවා. නමුත් ඒ අයට අත දෙන්න කෙනෙක් නෑ. සුන්නද්දූලි වුණු ජපානය යළි ලෝකයේ දියුණු රටක් බවට පත්වුණා නම් අපිට නැගිටින්න බැරි කමක් නෑ. රටේ දරවන්ගේ තරුණ පරපුරේ ආකල්පමය වෙනසක් වහා ඇති කළ යුතුයි.
මම ඉපදුණේ දියුණු වෙමින් පවතින රටක දැන් මැරෙන්න වෙලා තියෙන්නෙත් ලෝකයට ණය බරින් මිරිකුණු රටක. අනාගත පරපුර මෙසේ විය යුතු නෑ. අපි සියලු දෙනා එක්ව මේ තත්වය වෙනස් කළ යුතුයි.
මට විශ්වවිද්‍යාලයෙන් පිටවෙනකම් අධ්‍යාපනය නොමිලේ ලැබුණා, නොමිලේ රැකියාවකුත් ලැබුණා. සමහර අය නොමිලේ ම වැටුපත් ලබා ගන්නවා. අපිට මේ වැටුප් ගෙවන්නේ මේ රටේ දුප්පත් ගොවියන්, වතු කම්කරුවන් ඇතුළු ජනතාවයි. රජයේ සේවකයින් මෙම වැටුපට රටට සේවයක් කළ යුතුයි. හැමෝම රට යන එක මේ ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි. මේ වන විට රට ඉන්න අයත් උන්ඩියල් ක්‍රමයෙන් බැහැරව මෙරට බැංකු පද්ධතිය හරහා රටට මුදල් එවීමට කටයුතු කරනවා නම් එය රටේ ඩොලර් අර්බුදයට විශාල සහනයක් වෙනවා.”


0 Comments