දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක්...

 

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.


ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැහැදිලි කළේය.


"ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් මේ දවස්වල එළියට ගන්නවා නම් හොඳට ඇඳුමක් අන්දලා හිස්වැසුමක් දලා මේස් දෙකක් දලා එළියට ගන්න. නැතිනම් සීතල ඇතිවීමත් සමගම පහසුවෙන් උණ රෝග බෝ වෙන්න පුළුවන්." 


"දූවිලි තත්ත්වය තිබෙන ප්‍රදේශයක නම් මුඛ ආවරණ තවදුරටත් පාවිච්චි කරන්න. අඩු බර නොමේරු දරුවන්ට සීතර එච්චරම හොඳ නෑ. ඒ වගේ ළමුන්ට හොඳට ඇඳුමක් අන්දලා, හිස්වැසුමක් දාලා මේස් දෙකක් දලා තියා ගන්න. අත් දෙකටත් මේස් දෙකක් දාලා රෙද්දකින් ඔතලා තියන්න. නැතිනම් එයාලාගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා ලෙඩ වෙන්න පුළුවන්."

Post a Comment

0 Comments