ජනාධිපති හිටපු උපදේශක ආශු මාරසිංහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් ඔහු ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ, අදාළ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආශු මාරසිංහ ,
"මෙය නීතිය ඉදිරියේ තියෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා මේ ගැන කතා කරයි."
ආශු මාරසිංහ මහතාගේ නීතිඥයා සඳහන් කළේ,
"ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත්ම පිළිකුල් සහගත, අසත්‍ය, සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා පුරා සංසරණය වෙනවා. ඒ වගේම කරුණු විකෘති කරල ලද ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා."
"මාගේ සේවාදායකයා සහ එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ඇතිවෙන ආරවුලක්. ඒ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පසුබිම තමයි මේ දේවල් සිදුවෙන්නේ."


0 Comments