රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සමාව ඉල්ලයි...

 



රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ.


ඒ, ඔහු ඊයේ (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.


 කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස අද කැඳවා තිබුණි.


නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බව එහිදී ඔහු පවසා ඇත.

Post a Comment

0 Comments