දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු තනතුරු...

 

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු තනතුරු ලබාදීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


දහම් පාසල් ගුරු සේවයේ වසර 10 කට අධික කාලයක් සම්පුර්ණ වූ අයට මෙම තනතුරු ලබා දෙනු ඇත. 

 

ඒ අනුව දහම් පාසල් ගුරුවරුන් 3,200 කට එම තනතුරු පිරිනැමීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය පැවසුවේය. 

 

ලබන 13 වැනි දා ඊට අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කර පත්වීම් ලිපිය තැපෑලෙන් ඔවුන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Post a Comment

0 Comments