මැතිවරණය ගැන ජනපති ගත් විශේෂ තීරණය...

 

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී තිබේ.


අද (04) පස්වරුවේ නිල වශයෙන් ජනපතිවරයා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත. 


 ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීමට බවයි.


එම වරමින් පිටතට ගොස් ක්‍රියාකිරීමට සුදානම් නොමැති බවද එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දැනුම් දී ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

Post a Comment

0 Comments