ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂට “නිදහස් ජනතා සන්ධානය” කඩා බිඳ දැමීමේ දැඩි උවමනාවක් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල සදහන් කරයි.

මැතිවරණයේදී ආණ්ඩුව පරාජයට පත්වන බවත් “නිදහස් ජනතා සන්ධානය” මැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිදු අයුරකින් සහය නොදෙන බවද උදය ගම්මන්පිල සදහන් කරයි.

ජනතාවට බිය ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරන බවත් මැතිවරණය සඳහා මුදල් නොමැති බවට රජය කරන ප්‍රකාශ සාවද්‍ය බවද ඔහු සදහන් කරයි.

රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.