නාරාහේන්පිට ප්‍රදේශයේ ඇති පෞද්ගලික රෝහලකින් රෝගි කාන්තාවකට වැඩිමිලට ඖෂධ අලෙවි කිරීමේ සිදුවීමක් පිළිබඳව පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ.
රුපියල් දොළොස්දහස් දෙසිය හැටහතරකට ඖෂධ සල්වලින් ලබාදෙන LYORTAM ඖෂධය රුපියල් තිස්තුන්දහස් හාරසියක මුදලකටත් රුපියල් හයදහස් හත්සිය අනුහයකට ඇති ඖෂධයක් රුපියල් දාහත්දහත් තිහකටත් මෙම රෝහල විසින් අදාළ රෝගි කාන්තාවකට ලබා දී තිබේ.
මෙම ඖෂධ ලබා දී ඇත්තේ හෘදයාබාධයකට ප්‍රතිකාරගත් කාන්තාවකටය.
මේ සම්බන්ධව අදාළ කාන්තාවගේ පුත්‍රයා විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවට මෙම පැමිණිල්ල කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඉදිරිපියවර ගැනීමට කටයුතු කරන බව පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම් වෛද්‍ය ධම්මික අලහප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


0 Comments