අද කොළඹ දී විශාල ජනතා විරෝධයක් කැඳවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ඒකාධිපති ව ගෙන යන මෙම වැඩපිළිවෙල පරාජයට ජනතාවත් සමඟ ඒකාබද්ධ ව කොළඹ විරෝධය අද දිනයේ සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින ආයතව මේ පිලිබදව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.