ස්ථාන 211කට මෘදු මත්පැන් බලපත්‍...

 

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් (Soft liquor) බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2004 සිට 2016 වසර දක්වා මත්පැන් කර්මාන්තය 95%ක් ඉහළ ගොස් තිබේ. 


ඉන් නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය 50%කින් වර්ධනය වී ඇති අතර නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනය 300%කින් පමණ වර්ධනය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.


බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ 2,800ක් පමණ ය.

Post a Comment

0 Comments