උද්ධමනය තවත් පහළට...

 



කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය 35.3%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.


එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3%ක් ලෙස වාර්තා වී තිබුණි.


මාර්තු මාසයේ දී 50.3%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 30.6%ක් දක්වා අඩුවී තිබේ.


ආහාර නොවන කාණ්ඩයේ 51.7%ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 37.6%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments