සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් ඉදිරියේදී ගෙන ඒමට නියමිතව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකදී සදහන් කරයි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවේ තිබෙන ප්‍රධාන කරුණු නීතියක් හැටියට ගෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහි යම් වෙනසක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යන්න ඕන.
එහි මූලික අංශ මැයි මාසයේ ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ග්‍රාමීය අංශ දැනුම්වත් කරනවා.
දෙවනුව හරිත ආර්ථිකය ඇතුළු අපේ වැඩසටහන් මොනවාද යන්න දැනුම් දෙනවා. මුලින්ම අපි අපේ මේ වැඩසටහන්වල ප්‍රතිචාරය අර ගනිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ඉදිරියේදී ගෙන ඒමට තිබෙනවා.
මේ පනත් තුනම එකට ගේන්න එපා කියලයි අධිකරණ ඇමැතිවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා සිටින්නේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවාට අවධානය යොමු කිරීමට අපහසු නිසා සහ තවත් හේතු කිහිපයක් නිසයි.
ඒ නිසා අප්‍රේල් මාසයේ අවසානය වන විට එක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත බව මම විශ්වාස කරනවා. ඉන් අනතුරුව අනිත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ ජූනි මාසය වන විට කෙටුම්පත් තුනම ගෙන ඒමට කටයුතු කරනවා.
විශේෂයෙන්ම නවීකරණ වැඩසටහන යටතේ අපේ අරමුණ වෙන්නේ තරගකාරීත්වය සමඟ නිෂ්පාදනය වැඩි කිරීමයි. තරගකාරීත්වය සහ නිෂ්පාදනය කියන අංශ දෙකම ඉදිරියට ගත යුතුයි. ඒ සඳහා අපට එක්ව වැඩකටයුතු කරන්න පුළුවන්.”
0 Comments