අර්බුදය තව වැඩි වුනොත් වැසියන් රට හැරයාවි.. දරුවන් පාසල්වලින් අස්කර ගනීවි.. දේපල විකුණාවි..- ලෝක බැංකු නියෝජිත කොළඹදී

 

ආර්ථික අර්බුදය නිසා මතුවිය හැකි බලපෑම ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩඩ් සර්වෝස් මහතා සඳහන් කරයි.

කොළඹදී පැවැති සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ තත්වය තව දුරටත් උග්‍ර වුවහොත් රට වැසියන් වැඩි වශයෙන් රට හැර යනු ඇති බවයි.

ආර්ථික අසීරුතාවන්ට මුහුණ දෙන පවුල් සිය දරුවන් පාසල්වලින් අස්කර ගනු ඇතැයිද පවසන ඔහු ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අරමුණින් තම වත්කම් විකුණා දැමීමට සමාගම්වලට සිදු ඇතැයිද කියා සිටියේය.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය දීර්ඝ කාලීන පහසුකම් ලබා ගැනීමට හැකි වීම දේශීය ප්රතිව්යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම ජාත්‍යන්තර මූල්‍ය සහාය ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකු වෙතින් ලබා ගැනීමට සමත් වීම වැනි තත්වයන් ගැන ශ්‍රී ලංකා රජයට සුබ පතන බව ද හෙතෙම කියා සිටියේය.

යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන බලවත් ප්‍රතිසංස්කරණ ඇතුළත් න්‍යාය පත්‍රයකට අනුව අසීරු හා අත්‍යවශ්‍ය දැඩි ප්‍රතිසංස්කරණ බවත් ඒ සදහා රජයේ කැපවීම ප්‍රශංසනීය බව ද පැවසූ ඔහු බදු ප්රතිසංස්කරණ පිරිවැය පිලිබිඹු වන ආකාරයෙන් උපයෝගිතා මිලගනන් නියම කිරීම සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම හා ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම රජය සිදු කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ බව ද තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments